Wednesday, May 4, 2011

පොළොන්නරු රාජධානියේ බිද වැටීම.

1 වන විජයභාහු, 1 වන පරාක්‍රමභාහු, නිශ්ශංකමල්ල යන රජවරුන් යටතේ ඇතිවුණු පොළොන්නරුවේ ශ්‍රී විභූතිය, සංස්කෘතික වශයෙන් පමණක් නොව, ආර්ථික හා දේශපාලනික වශයෙන් ද පසු කාලයේ දී බිද වැටුණි.අනුරාධපුර රාජධානියෙන් පසු දේශපාලන අවශ්‍යතා නිසා පොළොන්නරුව දිවයිනේ නිත්‍ය අගනුවර බවට පත්වුවත්,  එවැනිම හේතු නිසා එය අතහැර දැමීමට සිදු විය.විශේෂයෙන් පොළොන්නරු යුගයේ සිටි අන්‍ය පාලකයන්ට වඩා කාලයක් එහි ආධිපත්‍ය අතට ගත් කාලිංග මාඝ (ක්‍රි.ව. 1214 – 1232 ) නම් ආක්‍රමණකයා විසින් ක්‍රමයෙන් වර්ධනය වූ පොළොන්නරුවේ පරිහානි තත්වය තවත් වේගවත් කළේය.එයින් සිදු වූයේ එතෙක් සෞභාග්‍යයෙන් යුතුව තිබූ පොළොන්නරු ශිෂ්ටාචාරය බිද වැටීම සහ ලංකාවේ අගනගරය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සිදු වීමය.

No comments:

Post a Comment