ක්‍රි.ව.1055 දී කීර්ති කුමරා 1 වන විජයබාහු නමින් රුහුණෙහි රජ විය. මුලු ලක එක්සේසත් කල එතුමා ක්‍රි.ව.1070 – 1110 දක්වා ම පොළොන්නරුවේ රජකම් කළේය.1 වන විජයබාහු රජතුමා ද ස්වකීය පාලන මධ්‍යස්ථානය වශයෙන් පොළොන්නරුව තෝරා ගත් අතර එය “විජයරාජපුර” යනුවෙන් නම් කළේ ය.එතුමා ගේ කටයුතු බොහොමයක් ප්‍රතිසංස්කරණයට හා පුනරුත්ථාපන කටයුතු වලට බර විය.
1 වන විජයබාහු රජු ශ්‍රේෂ්ඨ පාලකයකු වීමට බලපෑ හේතු
1. සොළීන්ගෙන් රට මුදා ගෙන රට එක්සේසත් කිරීම.
2. ආර්ථිකය නගා සිටු වීමට වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.
3. බුදු සසුනේ දියුණුවට කටයුතු කිරීම.
4. විදේශ රටවල් සමග මිත්‍ර සබදතා පවත්වා ගැනීම.
5. පොළොන්නරුවේ ආරම්භක පාලකයා වීම.
6. සොළීන්ට විරුද්ධ ව රටවල් සමග විදේශ සබදතා දැඩි කර ගැනීම (කාලිංග දේශය,පාණ්ඩ දේශය)
7. වසර 19 ක් එක දිගට ප්‍රබල සොළී අධිරාජ්‍ය සමග සටන් කිරීම.
8. කැලෑබද සටන් ක්‍රම (ගරිල්ලා) භාවිතා කිරීම.
නිශ්ශංකමල්ල රජතුමා
ශ්‍රී ලංකාවේ අසහාය පාලකයා බවට පත් වූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලය තුළ දිවයිනට විදේශීය තර්ජන එල්ල නොවී ය.එපමණක් නොව දිවයිනේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා එවකට දකුණු ඉන්දියාවේ හටගෙන තිබූ දේශපාලන අර්බුදවලට මැදිහත් වීමට ද එතුමා සමත් විය.ශ්‍රී ලංකාවේ බොහෝ සේ කේන්ද්‍ර ගත වූ පාලන සංවිධානයක් ඇති කිරීමට එතුමා සමත් විය.ආර්ථික සංවර්ධනය උදෙසා වාරි කරිමාන්ත ක්‍ෂේත්‍රයේ ද පරාක්‍රමබාහු රජතුමා ඉටු කළ මෙහෙය අද්විතීය ය.
මහා පරාක්‍රමබාහු රජතුමා ගේ සේවාව
වැව් සහ වාරි කරිමාන්ත
F පරාක්‍රම සමුද්‍රය
F දැදුරු ඹය සංවර්ධනය
F අංගමැඩිල්ල ඇළ
F පඩු වැව
විදේශ කටයුතු
F බුරුමය ආක්‍රමණය කිරීම.
F දකුණු ඉන්දියාවේ බලය ව්‍යාප්ත කිරීම.
ඉදිකිරීම්
F පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය ඉදි කිරීම.
නිශ්ශංකමල්ල රජතුමා
පරාක්‍රමබාහු රජුගෙන් පසුව පොළොන්නරුවේ රජ පැමිණියේ කාලිංග වංශිකයකු වූ
කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල (ක්‍රි.ව.1187 - 1197) රජතුමා ය.මේ රජුත් පරාක්‍රමභාහු රජුගේ වැඩ පිළිවෙල අනුගමනය කරන්නට උත්සහ ගත්ත ද ,විශේෂයෙන් කැපී පෙනුනේ එ්වා උද්දීපනය කල බවය.
නිශ්ශංකමල්ල රජතුමා වැදගත් පාලකයකු වීමට හේතු
1. ලංකාවේ වැඩිම සෙල්ලිපි පිහිටුවන ලද රජු වීම.
2. පාණ්ඩ්‍ය දේශයට බලය පැතිර වීම.
3. රට පුරා සංචාරය කරමින් තොරතුරු රැස් කිරීම.
4. තුලාගාර නමින් දන් දීමේ ක්‍රම අනුගමනය කිරීම.
5. දුර බැහැර පළාත් වල ජනයා සමග සබදතා ගොඩ නගා ගැනීම.
මීට අමතරව ,
Ø වලගම්බා යුගයේ විදේශ ආක්‍රමණයන් හා දුර්භික්ෂයන් නිසා රට විනාශ වෙමින් පවතිද්දී රජු හා සෙනෙවියන් සමගි කර වීමට තිස්ස හා මහාතිස්ස හිමිවරු කළ මෙහෙය අති විශිෂ්ට වේ.
Ø ලංකාවේ වාරි කර්මාන්තය දියුණු වීම.
Ø විශාල වැව් ඉදි කිරීම, ගංගා හරවා ජලය ගෙන යාම ආදිය සිදු කිරීමට බැමිණිටියා සාය දුර්භික්ෂය විසින් උගන්වන ලද පාඩම් නිසාවෙන් සිදු විය.



No comments:
Post a Comment