Thursday, May 26, 2011

ෙපාෙළාන්නරුෙව් වැදගත් ස්ථාන


පරාක්‍රම සමුද්‍රය
            පරාක්‍රම සමුද්‍රය නමින් හැදින්ෙවන ෙමම මහා වාරිකර්මාන්තයේ අැති විශාලත්වය නිසාම ඊට ඒම නම ලැබී තිෙබ්.මේසා විශාල ජල ප්‍රමාණයක් දක්නට ලැබෙනුයේ ඒය වැව් කිහිපයක් ඒක් කොට තනනු ලැබු දැවැන්ත වාරිකර්මාන්තයක් නිසාය.තෝපා වැව, දුබුටුළු වැව හා ඒරමුදු වැව ඒක් කොට මෙම මහා වාරිකර්මාන්තය කර තිබේ.
පොත්ගුල් වෙහෙර
පරාක්‍රම සමුද්‍රයේ වෑ කණ්ඩිය අසල, නගරයේ දකුණු දිගින් පිහිටා අැති නටබුන් සමූහය පොත්ගුල් විහාර සංකීර්ණයට අයත්වේ. 1 වන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙය නිර්මාණය කරන ලදී. අනෙකුත් ගොඩනැගිලි වලින් හුදකලාව පිහිටා අැති මෙය මාලක කිහිපයකට අනුව චතුරස්‍රාකාර ස්වරූපයකින් ඉදිවූවකි.මෙම ස්ථානය ප්‍රසිද්ධියට පත්ව අැත්තේ පොළොන්නරු යුගයට අයත් පුස්තකාල   ගොඩනැගිල්ලක් වශයෙනි.
පොත්ගුල් වෙහෙර ප්‍රතිමාව
            පොත්ගුල් වෙහෙරේ විහාර සීමාවට උතුරින් කුඩා පර්වතයක නෙලා අැති ප්‍රතිමාව දකුණු දෙස බලා සිටී.උසින් අඩි ඒකොළහමාරක් වූ මෙය මනාව නිමවන ලද්දකි.මේ පිළිබද ප්‍රධාන මත දෙකක් වේ.ඉන් ඒකක් මෙය 1වන පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමෙවක් බවයි.අනෙක මෙය සෘෂිවරයකුගේ බවයි.ශිල්ප ෙශෙලියට අනුව ක්‍රි.ව. 12 වන සියවසේ කරන ලද්දක් සේ අනුමාන කළ හැකිය.
කුමාර පොකුණ
            පොළොන්නරුවේ රජ මාළිගා භූමියේ ඒහි පවුරට පහළින් පහළ මළුවක පිහිටා අැති මගුල් පොකුණ දැන් හදුන්වන්ෙන් කුමාර පොකුණ නමිනි.මෙය සම්පූර්ණයෙන්ම ගලින් නිමවූවකි.උතුරු දකුණු දිග අඩි 38ක් වන මෙහි නැගෙනහිර බටහිර දිග අඩි 44ක් වේ.ගල් මූනත් ඉහල සිට පහළට කුඩා වේ.ඒබැවින් ඒහි පතුලේ දිග පළල අඩි 31ක් සහ අඩි 27ක් වේ.බටහිරින් වූ පියගැට පෙළකින් පොකුණට බැසිය හැකිය.ඒහි ෙදාරටුව දෙපස ගලින් කල සිංහ රූප දෙකකි.

ථූපාරාම පිළිම ගෙය
            දළදා මළුව යයි හදුන්වනු ලබන පොළොන්නරුවේ අැතුළු නගරයට උතුරින් පිහිටි තරමක් උස් වූ භූමි මට්ටමින් යුත් චතුරස්‍රාකාර කොටසේ පිහිටා අැති  ථූපාරාමය වූ කලී සමිපූර්ණ ගඩොලින් තැනු පැරණි පිළිම ගෙය .1 වන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ කරවන ලදැයි සිතිය හැකි, මෙය ගෙඩිගේ සමිප්‍රදායට තැනූවක් වන අතර  පොළොන්නරුවේ තවමත් ඉතා හොදින් අාරක්ෂා වී අැති ඒකම ගොඩනැගිල්ල වේ.

වටදාගේ
            ලංකාවේ ඉදි වී අැති වටදාගෙවල් අතර පොළොන්නරුවේ වටදාගෙයට හිමි වනුයේ අද්විතීය තැනකි.නිශ්ශංකමල්ල රජුගේ දළදා මළුව සෙල් ලිපියට අනුව මෙය කරවන ලද්දේ ලක් විජය සිගු සෙනෙවි තාවුරුනාවන් විසිනි. පොළොන්නරුවේ වටදාගෙය සතු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ විමසීෙම් දී පෙනෙන්නේ කුඩා ස්ථූපයට මැදි කොට ඒ වටා ගොඩනගන ලද වටකුරු දා ගෙයක් බවය.
නිශ්ශංකලතා මණ්ඩපය
            නිශ්ශංකමල්ල රජතුමා දළදා මළුෙව් කරවන ලද අලංකාර ගල් ටැම් සහිත මණ්ඩපය මෙනමින් හැදින්වේ.දකුණින් ථූපාරමයත්, උතුරින් අැති ගඩොලින් කල පිළිමගෙයටත් මැදිව පිහිටි මේ ගොඩනැගිල්ල දළදා මළුවේ බටහිර ද්වාර මණ්ඩපයට අාසන්නයේම දක්නට පිළිවන.ඉහළට නැගී ගිය නෙළුම් දඩුවක් අාකාරයේ වූ ගල් ටැම් අටක් ශිලාමය වේදිකාවක නංවා තිබෙනු පෙනේ.මින් ඒකක උස අඩි අටයි අගල් හතරක් පමණය.
ගල් විහාරය
            ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා අතර විශිෂ්ඨ ගනයේ ලා සැලකෙන බුද්ධ ප්‍රතිමා සහිත වූ විහාරය අතීතයේ හැදින්වූයේ උත්තරාරාමය නමිනි.දෙමළ මහා සෑයට නුදුරෙහි පර්වතය බිදවා මෙය සාදවා තිබේ.මෙම පර්වතයේ නෙලා අැති පිළිම අතර හිදි බුදු පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ සැතෙපන පිළිමයක් ද වේ.ගල් තලයේ උපරිම ප්‍රයොජනය ගන්නා අටියෙන් ඒහි තැනින් තැනට වූ උස ප්‍රමාණයන් සලකා පිළිම නෙලා තිබේ.

Wednesday, May 4, 2011

පොළොන්නරු රාජධානියේ බිද වැටීම.

1 වන විජයභාහු, 1 වන පරාක්‍රමභාහු, නිශ්ශංකමල්ල යන රජවරුන් යටතේ ඇතිවුණු පොළොන්නරුවේ ශ්‍රී විභූතිය, සංස්කෘතික වශයෙන් පමණක් නොව, ආර්ථික හා දේශපාලනික වශයෙන් ද පසු කාලයේ දී බිද වැටුණි.අනුරාධපුර රාජධානියෙන් පසු දේශපාලන අවශ්‍යතා නිසා පොළොන්නරුව දිවයිනේ නිත්‍ය අගනුවර බවට පත්වුවත්,  එවැනිම හේතු නිසා එය අතහැර දැමීමට සිදු විය.විශේෂයෙන් පොළොන්නරු යුගයේ සිටි අන්‍ය පාලකයන්ට වඩා කාලයක් එහි ආධිපත්‍ය අතට ගත් කාලිංග මාඝ (ක්‍රි.ව. 1214 – 1232 ) නම් ආක්‍රමණකයා විසින් ක්‍රමයෙන් වර්ධනය වූ පොළොන්නරුවේ පරිහානි තත්වය තවත් වේගවත් කළේය.එයින් සිදු වූයේ එතෙක් සෞභාග්‍යයෙන් යුතුව තිබූ පොළොන්නරු ශිෂ්ටාචාරය බිද වැටීම සහ ලංකාවේ අගනගරය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සිදු වීමය.

Tuesday, May 3, 2011

පොළොන්නරු යුගයේ සිටි අමරණීය රජවරු

1 වන විජයබාහු
            ක්‍රි.ව.1055 දී කීර්ති කුමරා 1 වන විජයබාහු නමින් රුහුණෙහි රජ විය. මුලු ලක එක්සේසත් කල එතුමා ක්‍රි.ව.1070 – 1110 දක්වා ම පොළොන්නරුවේ රජකම් කළේය.1 වන විජයබාහු රජතුමා ද ස්වකීය පාලන මධ්‍යස්ථානය වශයෙන්  පොළොන්නරුව තෝරා ගත් අතර එය “විජයරාජපුර” යනුවෙන් නම් කළේ ය.‍එතුමා ගේ කටයුතු බොහොමයක් ප්‍රතිසංස්කරණයට හා පුනරුත්ථාපන කටයුතු වලට බර විය.
                        
1 වන විජයබාහු රජු ශ්‍රේෂ්ඨ පාලකයකු වීමට බලපෑ හේතු
1.       සොළීන්ගෙන් රට මුදා ගෙන රට එක්සේසත් කිරීම.
2.      ආර්ථිකය නගා සිටු වීමට වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.
3.      බුදු සසු‍නේ දියුණුවට කටයුතු කිරීම.
4.      විදේශ රටවල් සමග මිත්‍ර සබදතා පවත්වා ගැනීම.
5.      පොළොන්නරුවේ ආරම්භක පාලකයා වීම.
6.      සොළීන්ට විරුද්ධ ව රටවල් සමග විදේශ සබදතා දැඩි කර ගැනීම (කාලිංග දේශය,පාණ්ඩ දේශය)
7.      වසර 19 ක් එක දිගට ප්‍රබල සොළී අධිරාජ්‍ය සමග සටන් කිරීම.
8.      කැලෑබද සටන් ක්‍රම (ගරිල්ලා) භාවිතා කිරීම.



මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1153 – 1186)
            ශ්‍රී ලංකාවේ අසහාය පාලකයා බවට පත් වූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලය තුළ දිවයිනට විදේශීය තර්ජන එල්ල නොවී ය.එපමණක් නොව දිවයිනේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා එවකට දකුණු ඉන්දියාවේ හටගෙන තිබූ දේශපාලන අර්බුදවලට මැදිහත් වීමට ද එතුමා සමත් විය.ශ්‍රී ලංකාවේ බොහෝ සේ කේන්ද්‍ර ගත වූ පාලන සංවිධානයක් ඇති කිරීමට එතුමා සමත් විය.ආර්ථික සංවර්ධනය උදෙසා වාරි කරිමාන්ත ක්‍ෂේත්‍රයේ ද පරාක්‍රමබාහු රජතුමා ඉටු කළ මෙහෙය අද්විතීය ය.
මහා පරාක්‍රමබාහු රජතුමා ගේ සේවාව
වැව් සහ වාරි කරිමාන්ත
F  පරාක්‍රම සමුද්‍රය
F  දැදුරු ඹය සංවර්ධනය
F  අංගමැඩිල්ල ඇළ
F  පඩු වැව
විදේශ කටයුතු
F  බුරුමය ආක්‍රමණය කිරීම.
F  දකුණු ඉන්දියාවේ බලය ව්‍යාප්ත කිරීම.
ඉදිකිරීම්
F  පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය ඉදි කිරීම.

නිශ්ශංකමල්ල රජතුමා

පරාක්‍රමබාහු රජුගෙන් පසුව පොළොන්නරුවේ රජ පැමිණියේ කාලිංග වංශිකයකු වූ
කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල (ක්‍රි.ව.1187 - 1197) රජතුමා ය.මේ රජුත් පරාක්‍රමභාහු රජුගේ වැඩ පිළිවෙල අනුගමනය කරන්නට උත්සහ ගත්ත ද ,විශේෂයෙන් කැපී පෙනුනේ එ්වා උද්දීපනය කල බවය.

නිශ්ශංකමල්ල රජතුමා වැදගත් පාලකයකු වීමට හේතු
1.       ලංකාවේ වැඩිම සෙල්ලිපි පිහිටුවන ලද රජු වීම.
2.       පාණ්ඩ්‍ය දේශයට බලය පැතිර වීම.
3.       රට පුරා සංචාරය කරමින් ‍තොරතුරු රැස් කිරීම.
4.       තුලාගාර නමින් දන් දීමේ ක්‍රම අනුගමනය කිරීම.
5.       දුර බැහැර පළාත් වල ජනයා සමග සබදතා ගොඩ නගා ගැනීම.
මීට අමතරව ,
Ø  වලගම්බා යුගයේ විදේශ ආක්‍රමණයන් හා දුර්භික්ෂයන් නිසා රට විනාශ වෙමින් පවතිද්දී රජු හා සෙනෙවියන් සමගි කර වීමට තිස්ස හා මහාතිස්ස හිමිවරු කළ මෙහෙය අති විශිෂ්ට වේ.
Ø  ලංකාවේ වාරි කර්මාන්තය දියුණු වීම.
Ø  විශාල වැව් ඉදි කිරීම, ගංගා හරවා ජලය ගෙන යාම ආදිය සිදු කිරීමට බැමිණිටියා සාය දුර්භික්ෂය විසින් උගන්වන ලද පාඩම් නිසාවෙන් සිදු විය.







Friday, April 29, 2011

පොළොන්නරුවේ කලාව

පොළොන්නරු රාජධානියේ බිදවැටීමත් සමග ඇති වූ අනිටු විපාක, කලා ශිල්ප කෙරේ ද බොහෝ දුරට බලපෑමක් ඇති කළේය.මේ කාලයේ ඇති වූ සොලී පාලනය සහ ආක්‍රමණ ‍හේතුවෙන් සිංහල කලාවන්ට, ද්‍රවිඩ කලාවන්ගේ ලක්ෂණ එකතුවීමක් ද යම් තරමකින් හෝ දක්නට ලැබේ.ගෘහ නිර්මාණ ශිල්පයේ දී ඵය වඩා හොදින් කැපී පෙනේ.
පොළොන්නරුවේ නටබුන් වී ඇති කලා කෘති අතර ස්තූප, චිත්‍ර, මූර්ති, ගොඩනැගිලි හා වෙනත් ස්මාරක ද  රාශියක් වේ.නිර්මාණකරනයේ ලා අනුරාධපුර යුගයේ ප්‍රචලිතව තිබූ මූලධර්ම පොළොන්නරු යුගයේදී ත් නොනැසී පැවතුන බව මහාචාර්ය පරණවිතාන සදහන් කරයි. ඵහෙත් අනුරාධපුරයේ බෙහෙවින් භාවිතාවට ගැණුනු ගල් වෙනුවට ගඩොල් හා හුණු බදාම උපයෝගී කර ගැනීම පොළොන්නරු නිර්මාණ තුළින් දක්නට ලැබෙන විශේෂත්වයකි.
පොළොන්නරු නගර සැලසුමේ දක්වා ඇති පැරණි ස්මාරක
Ø  පොත්ගුල් වෙහෙර
Ø  පොත්ගුල් වෙහෙර ප්‍රතිමාව
Ø  පරාක්‍රම සමුද්‍රය
Ø  දිපුයියානයේ සීතල මාලිගය
Ø  මහාපානදීපය
Ø  නිශ්ශංකමල්ල රජ මාළිගය
Ø  විජයොත්පාය
Ø  රාජවේශ්‍යාභුජංග මණ්ඩපය
Ø  කුමාර පොකුණ
Ø  ශිව දේවාලය
Ø  දළදා මඵව
Ø  පබඵ වෙහෙර
Ø  මැණික් වෙහෙර
Ø  රන්කොත් වෙහෙර
Ø  බද්ධසීමා ප්‍රාසාදය
Ø  ලංකාතිලකය
Ø  ගල් විහාරය
Ø  දෙමළ මහා සෑය
Ø  නෙඵම් පොකුණ
Ø  තිවංක පිළිමගෙය

Wednesday, April 27, 2011

ඵෙතිහාසික පසුබිම


උතුරු මැද පලාතට අයත් පොළොන්නරුව හබරණ මංසන්දියේ සිට මඩකලපුව තෙක් දිවෙන මහා මාර්ගයේ සැතපුම් 28 ක පමණ දුරින් පිහිටි නගරයකි. මෙහි පැරණි නම වූයේ “පුලතිසි පුරය” යන්නයි. අනුරාධපුර රාජධානියෙන් පසුව ශ්‍රී ලංකාවේ අගනගරය බවට පත්වූ පොළොන්නරුව විවිධ දේශපාලනික, ආර්ථික හා සංස්කෘතිකමය වශයෙන් , ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරලීය. මෙය අගනගරයක් බවට පත්වූයේ ක්‍රි.ව.10 වන සියවසේ අගභාගයේ වුවත්, ඵෙතිහාසික වශයෙන් ඊට පෙර යම් යම් කාලවකවානුවලදී විවිධ අවස්ථාවන් හමුවේ ද ඉතිහාසයේ සනිටුහන් වී තිබෙනු දැකිය හැකිය.